ආධාර මෙහෙයුම් සඳහා ඉන්ධන අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන

ආධාර මෙහෙයුම් සඳහා ඉන්ධන අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන

ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සිය ඉන්ධන හිඟවීම කෙතරම් ව්‍යසනකාරී වනු ඇත්ද යන්න අවධාරණය කර තිබෙනවා

ඒ අනුව ඔවුන් පවසන්නේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය බෙදා හැරීම සඳහා ඉන්ධන බෙදා හැරීමට ඉඩ දිය යුතු බවයි .

රෝහල් විවෘතව පැවතිය හැකි අතර ජීවිතාරක්ෂක ආධාර මෙහෙයුම් දිගටම කරගෙන යා හැකි වන බවද පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය සඳහන් කරනවා

ළිංවලින් හෝ සාගරයෙන් ජලය පොම්ප කිරීමට සහ එය පානය කිරීමට ඉන්ධන අවශ්‍ය වනවා

බේකරි සහ ආහාර සැපයුම්කරුවන් සඳහා ආහාර පිසීමට ද අවශ්‍ය වන බවත් අත්‍යාවශ්‍ය සැපයුම් අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහනය කිරීමට වැඩි ඉන්ධන අවශ්‍ය වන බවත් සඳහන්

අනෙකුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් සහ ප්‍රාථමික සෞඛ්‍ය සායනවලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් හානි වී හෝ ඉන්ධන හිඟයක් හේතුවෙන් වසා දමා ඇති බවයි.

Share This