ආරවුලක් නිසා මන්නයකින් කොටා පිය පුතු රෝහලේ (VIDEO)

ආරවුලක් නිසා මන්නයකින් කොටා පිය පුතු රෝහලේ (VIDEO)

අකුරැස්ස මාළු වෙළඳපළ ඉදිරිපිට දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තිදෙනෙක් රෝහලේගත කර තිබෙනවා.

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු හා අකුරැස්ස පොදු වෙළෙඳපොළ ඉදිරිපිට මාළු ව්‍යාපාරයේ නිරත පිය පුතු දෙපලක් අතරයි මෙම ගැටුම ඇතිවී තිබෙන්නෙ.

ගැටුමෙන් 33 හැවිරිදි තරුනයෙකුගේ අගිල්ලලක් කැපී වෙන්වී ඇති අතර ඔහුගේ පියාගේ අතද කැපී වෙන්ව ඇතිබවයි අප වාර්තාකරු පැවසුවේ.

ගැටුමෙන් තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදීද දෙපාර්ශ්වය අතර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.

මෙම ගැටුම CCTV කැමරාවක මෙලෙස පටිගතවී තිබුණා.

 

Share This