ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත් ශ්‍රී ලංකාව සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF

ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත් ශ්‍රී ලංකාව සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF

මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසනවා.

සිය මෙරට සංචාරය අවසන් කරමින් එම නියෝජිතයින් පිරිස අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී අදහස් දක්වමින් එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Peter Breuer මහතා පැවසුවේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය මාස කිහිපය තුළ සංචිතවල වටිනාකම ඉහළ යාමේ මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන්ද IMF නියෝජිතයින් එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කර තිබෙනවා.

නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ තවදුරටත් සාකච්ඡා පවත්වන අතර මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සුදානමින් පසුවන බවයි IMF නියෝජිතයින් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

Share This