
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගන් ගැටුම අද
ආසියානු කුසලානයේ හයවන තරගය අද(05) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව ඇති අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර දීයි එය පැවැත්වෙන්නේ.
මේ අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම ලකුණු 230ක් රැස් කළේ පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී යාමත් සමගයි.
පසුව ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය තාවකාලිකව නතර කළා.
දිගින් දිගටම වර්ෂාව පැවතීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23ක් අවසානයේ ලකුණු 145ක ඉලක්කයක් හිමි වුණා.
පසුව ඔවුන් පන්දුවාර 20යි එක් පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 147ක් ලබා ගනිමින් ජය වාර්තා කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම සුපිරි 04 වටයට සුදුසුකම් ලැබුවා.
