ආසියානු කුසලාන පළමු තරගයේ ජය පාකිස්ථානයට

ආසියානු කුසලාන පළමු තරගයේ ජය පාකිස්ථානයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ නේපාල කණ්ඩායම ලකුණු 238කින් පරාජයට පත් කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 342ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී සිටිය දීයි.

නේපාල කණ්ඩායම ලකුණු 343ක ඉලක්කයක් හඹා ගිය අතර පන්දුවාර 23යි පන්දු හතරක දී සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම ලකුණු 238කින් තරගය ජය ගත්තා.

මේ අතර, ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

අද තරගයේ ලකුණු සටහන පහතින්.

 

Share This