ආසියාවේ තවත් රටක විදේශ ප්‍රේෂණ අනතුරේ

ආසියාවේ තවත් රටක විදේශ ප්‍රේෂණ අනතුරේ

පාකිස්ථානයේ ගෙවුම් ශේෂ අර්බුදය රටේ නරකම මට්ටමක පවතින බවත් විදේශ ප්‍රේෂණ පහත වැටී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය මාස තුනේ සිට විදේශගත පාකිස්ථානුවන් විසින් එවන මුදල් පහත වැටෙමින් තිබෙන බවත් එම කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සියයට 9.27 කින් අඩු වී ඇති බවත් සඳහන්.

තවමත් ඩොලර් බිලියන 2 සීමාවට වඩා වැඩි වුවද, ප්‍රේෂණ ඔක්තෝම්බර් මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 15.7 කින් අඩු වූ අතර මාස නවයකට පසු අවම අගය වන ඩොලර් බිලියන 2.2 පෙබරවාරියේ වාර්තා වී තිබෙනවා.

වසරින් වසර සියයට හතක වර්ධනයක් පෙන්නුම් කළ ඇමරිකා එක්සත් ජනපදය හැර ප්‍රධාන ගමනාන්තවලින් ප්‍රේෂණ පහත වැටීමක් පෙන්නුම් කර ඇති බවත් සඳහන්.

පාකිස්ථානයේ විදේශ ප්‍රේෂණ සඳහා ප්‍රධාන දායකයා වන සෞදි අරාබියේ ප්‍රේෂණ ද සියයට 12 ක පමණ අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි පැවසෙන්නේ.

අදාළ කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බ්‍රිතාන්‍ය වෙතින් ගලා ඒම පිළිවෙලින් වසරින් වසර 9 සහ 8 කින් පමණ පහත වැටී තිබෙනවා.

Share This