එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ බීජිං සංචාරයෙන් පසු දෙරටේම සබඳතා ස්ථාවර වන ලකුණු

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ බීජිං සංචාරයෙන් පසු දෙරටේම සබඳතා ස්ථාවර වන ලකුණු

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් බීජිං හි කළ දෙදින සංචාරයෙන් පසු එක්සත් ජනපදය චීනය සමග තම සබඳතාව ස්ථාවර කර ගැනීමට ප්‍රතිඥා දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇන්ටනි බ්ලින්කන් සාකච්ඡා සඳහා චීනයේ ජනාධිපති ෂී ජින්පින්ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මේ වනවිට දෙපාර්ශ්වයම යම්කිසි ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, වැඩිදුර සාකච්ඡා සඳහා දෙපාර්ශවයම විවෘත බව ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙනවා

තමා චීනය පිළිබඳව පැහැදිලි අයුරින් දකින නමුත් දැඩි ලෙස එකඟ නොවන බොහෝ ගැටලු ඇති බවද ඇන්ටනි බ්ලින්කන් පවසනවා

පැවති සාකච්ඡාවලට රුසියා යුක්‍රේන යුද්ධය මෙන්ම තායිවානය, උතුරු කොරියාව දක්වා වූ සෑම කරුණක්ම ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ වොෂින්ටනයේ නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන් චීන ජාතිකයන් සලකන්නේ ප්‍රතිවාදීන් සහ තරගකරුවන් ලෙස මිස විරුද්ධවාදීන් ලෙස නොවන බවයි.

Share This