ඇන්ටාටිකාව ගවේෂණයට රොබෝ යානයක්

ඇන්ටාටිකාව ගවේෂණයට රොබෝ යානයක්

දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳව අනාවරණය කරගැනීමට විශේෂඥයින්ට උපකාර වන ඩ්‍රෝන යානයක් අත්හදා බැලීම සඳහා විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවට ගොස් ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම රොබෝ යානය මගින් ඇන්ටාක්ටික් මහාද්වීපයේ පර්යේෂකයන්ගේ සීමාවෙන් බැහැර ප්‍රදේශ සිතියම් ගත කරන බවයි එම කණ්ඩායම පවසා ඇත්තේ.

මේ වනවිට එම යානය Wales උසම කඳු මුදුන් අවට පවත්නා කාලගුණය තුළද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහි පළමු අත්හදා බැලීම අයිස් දිය වී ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම සඳහා ගතවන කාලය පිළිබඳව පුරෝකථනය කරගත හැකි බවයි සඳහන් වන්නේ.

විද්‍යාඥයින්ට ඇන්ටාක්ටිකාව වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වුවත් දැනට පවතින තාක්ෂණයෙන් ඒවා සීමා වී තිබු බවත් මෙම නව රොබෝ යානය මගින් සුළු වශයෙන් හෝ ඇන්ටාක්ටිකාව ගවේෂණය කරගත් හැකි බවයි මෙම පර්යේෂක කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This