
ගැටළු වලට මැදිහත්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකින්ට
ඇප නැතිව ණය දෙන්න රජයෙන් රු.මිලියන 650ක්
රජය මගින් ආරම්භ කළ ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇප නොමැතිව ණය ලබාගැනීමට රු.මිලියන 650ක ණය අයදුම් කර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා පවසනවා .
ඔහු මේ අදහස් පලකලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුව අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ගැටළු වලට මැදිහත්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකින්ට රජය මගින් ලබාදුන් විසදුම් කාලය තුල බැංකු පද්ධතිය හා සම්බ්නධ්යවූ ව්‍යවසායකයින්ට තවත් අමතර සහන ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ මුදල් අමාත්‍යංශයේ දී පැවති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දිරි ගැන්වීම අරමුණු කොටගත් රැස්වීමකට එක්වෙමින් .