
ඇමති ලාල්කාන්ත වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (29) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.
මෙහිදී අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය හමුවේ ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.
පසුගිය රජය සමයේ අක්‍රීයව පැවති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රීය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගතයුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය සක්‍රීය තත්ත්වයට ගෙන ඒම තුළින් සහල් වෙළෙඳපොළ ඒකාධිකාරය බිඳ දැමීමත් වෙළෙඳපොළ තුළ වී මිලදී ගැනීම තුළින් ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගනිමින් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට වී අලෙවි මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.
එසේම 2025 මහ කන්නයට අදාළව වී මිලදී ගැනීම සඳහා, වී අලෙවි මණ්ඩලය සූදානම්වී ඇති ආකාරය සහ වී අලෙවි මණ්ඩලය සතුව ඇති ගබඩා සූදානම් කර ඇති ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.