ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියොන්හි දී අඩි 100ක් පමණ ලිස්සා වැටුණු දරුවෙක් බේරා ගැනේ

ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියොන්හි දී අඩි 100ක් පමණ ලිස්සා වැටුණු දරුවෙක් බේරා ගැනේ

එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියොන්හිදී 13 හැවිරිදි පිරිමි ළමයෙකු අඩි 100ක් පමණ ලිස්සා වැටීමෙන් දිවි ගලවා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහුව බේරා ගැනීමට ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලයට පැය දෙකක කාලයක් ගතවී ඇති බවයි පැවසෙන්නේ

බරපතල තුවාල සහිතව ඔහුව රෝහලට ගෙන ගොස් ඇති අතර කශේරුකාව කොටස් නවයකට පමණ කැඩී ඇති බවත් ,අතකට සහ පෙනහළුවලට දැඩි ලෙස හානි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

අනෙක් අයට පින්තූර ගැනීමට හැකි වන පරිදි මාර්ගයෙන් ඉවත්ව යද්දී තමා වැටුණු බවයි Wyatt Kauffman නැමැති මෙම දරුවා ප්‍රාදේශීය රූපවාහිනී ආයතනයකට පවසා තිබෙන්නේ

Wyatt Kauffman ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග ග්‍රෑන්ඩ් කැනියන් හි සංචාරයක යෙදී සිටියදි මෙම අනතුර සිදුව තිබෙනවා

Share This