ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

ඇල්ජීරියාවේ දකුණු පළාතේ Tamanrasset හි සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව ඇල්ජීරියානු බලධාරීහු පවසනවා

එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ මගී බස් රථයක් ගිනි ගැනීමට පෙර තවත් වාහනයක ගැටී ඇති බවයි.

තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අනතුරට මුහුණදුන් අය තවමත් හඳුනාගෙන නැති බවද බලධාරීන් පවසනවා

Tamanrasset නයිජර් සහ මාලි වලට ආසන්නව පිහිටා ඇති නගරයක් වන අතර උප සහරා අප්‍රිකාවේ සිට යුරෝපයට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සඳහා භාවිතා කෙරෙන හරස් මාර්ගයක් බවයි වාර්තා වන්නේ

Share This