
ඇල්පිටියේ වෙඩි තැබීමක්
ඇල්පිටියේ, ඕමත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඊයේ (04) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කෙට්ඨාසය සඳහන් කළේ
නිවෙසක ජනේලයක් වෙත එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බව සඳහන්
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ
ඇල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.



