
ඇසල පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ අසිරිය ස්වර්ණවාහිනියෙන් (VIDEOS)
දෙස් විදෙස් සුපතළ හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් අභිසෙස් ලැබූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ සාර්ථකව වීථි සංචාරය කළා.
මෙවර ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන්නේ 1715 වැනි වරටයි.
පස්වරු 6.52ට නැගෙනහිර දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය ඇරඹුණා.
එලෙස විථී සංචාරය ඇරඹි පළමු රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී එස් සේනානායක විථීය, පන්සල පාර දේව විථීය, කොළඹ විථීය, ඊ එල් සේනානායක විථීය, හරස් වීථිය, ත්‍රිකුණාමල විථිය, රජ විථීය ඔස්සේ ඉහළට විත් ගෙවැදීමටයි කටයුතු යොදා තිබුණේ.
පළමු රන්දෝළි පෙරහරේ දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා හස්තියා වෙත ලැබුණු අතර දෑලේ ගමන් කිරීමට බුරුමරාජා හා පුලතිසි රාජා ඇතුන් විසින් සිදු කළා.
අද පස්වරු 7 පසුවී මිනිත්තු16ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාභිමුඛව ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝළි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.
අභිමානවත් කන්ද උඩරට පෙරහර සිරිතට පුද දෙන බැතිබර රූපමය පූජාවක් ලෙසින් ස්වර්නවාහිනී මාධ්‍ය ජාලය මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ අසිරිය එළඹෙන 8 වැනිදා දක්වා රාත්‍රී 10ට ස්වර්ණවාහිනිය ඔස්සේ ප්‍රේක්ෂක ඔබ වෙත ළඟා කරන්නට සියළු කටයුතු සූදානම්.