
ඇහැලියගොඩ කන්ටේනර් – බස් රථ අනතුරකින් 25ක් රෝහලේ
අද (18) උදෑසන කොළඹ රත්නපුර ප්‍රධාන මහා මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ දී සිදු වූ කන්ටේන සහ ලංගම බස් රථ අනතුරකින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මීන්නාන ප්‍රදේශයේ ප්‍රධාන පාරේ වගුවකදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රි ලංගම බස් රථයක් හා රත්නපුර දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ රියදුරු සහ සහායකත්, කන්ටේනර් රථයේ රියදුරු සහ සහායකත් ඇතුළුව බස් රථයේ ගමන්ගත් මගීන් 25 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට 4 දෙනෙකුත්, රත්නපුර මූලික රෝහලට 7 දෙනෙකුත්, ඇහැලියගොඩ ප්‍රාදේශීය රෝහලට 18 දෙනෙකුත් වශයෙන් තුවාල කරුවන් ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙනවා.
කන්ටේනර් රථයේ රියදුරු සිරවී සිටියදී මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අනතුරු හේතුවෙන් පැයක පමණ කාලයක් කොළඹ රත්නපුර මාර්ගයේ ගමනාගමනය ට බාධා සිදුවිය.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ඇහැලියගොඩ පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
අනතුරෙහි CCTV දර්ශන පහතින්,