
ඇහැලියගොඩ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඇහැලියගොඩ, මෝරගල හංදිය, හොරගොඩ මාර්ගයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සැකකරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලීසිය පැවසුවේ තියුණු ආයුධවලින් පහර දී පසුගිය ජනවාරි මස 17 වැනිදා මෙම ඝාතනය සිදු කර ඇති බවයි
අත්අඩංගුවට සැකකරුවන් වයස අවුරුදු 24 සහ 33 ක් වන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අපරාධය සඳහා අධාර අනුබල දුන් අනෙකුත් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි