ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය විසින් සිදු කරන ප්‍රහාර අඛණ්ඩව

ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය විසින් සිදු කරන ප්‍රහාර අඛණ්ඩව

පාකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය කනස්සල්ල පළ කර ඇති බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif පවසනවා.

ත්‍රස්තවාදය මැඩලීමේ නව හමුදා මෙහෙයුමක කොටසක් ලෙස පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ප්‍රහාර අඛණ්ඩව දියත් කරන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ආරක්ෂක හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාර එල්ල කරන බවට ඇෆ්ගනිස්ථානය විසින් සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය ලබාගත් දිනයේ සිට පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර ආතතීන් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This