
ඇෆ්ගනිස්ථානයට, ශ්‍රී ලංකාවෙන් ලකුණු 292ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ 06වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී යාමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර පළමුව පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 292ක ඉලක්කයක් හිමි වනු ඇති.
ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.
අද තරගයේ ලකුණු සටහන පහතින්.

