ඉක්වදෝරයේ ඇඳිරි නීතිය – සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් අතුරුදන් වෙයි

ඉක්වදෝරයේ ඇඳිරි නීතිය – සිර මැදිරියක සිටි කල්ලි නායකයෙක් අතුරුදන් වෙයි

සිරගත කර සිටි කල්ලි නායකයෙකු වූ Adolfo Macías Villamar සිර මැදිරියෙන් අතුරුදන්වීමෙන් පසු ඉක්වදෝරයේ දින 60 ක හදිසි තත්ත්වයක් ආරම්භ කර තිබෙනවා

Adolfo Macías Villamar හඳුන්වනු ලබන්නේ “Fito” යන අන්වර්ථ නාමයෙනුයි

මෑත මාසවල මාරාන්තික බන්ධනාගාර කැරලි කිහිපයක් පිටුපස සිටි බවට සැලකෙන ප්‍රබල කල්ලියක් වන Los Choneros හි නායකයාද මොහු බවයි පැවසෙන්නේ

ඔහු රඳවා සිටියේ ගුවායාකිල් හි බන්ධනාගාරයක උපරිම ආරක්ෂක අංශ යටතේයි

හදිසි තත්ත්වය අතරට රැස්වීමේ අයිතිය අත්හිටුවීම සහ රාත්‍රී ඇඳිරි නීතිය ඇතුළත් වන අතර ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා විසින් නිකුත් කරන ලද නියෝගයකින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා

ජනාධිපති නොබෝවා කියා සිටියේ හදිසි නීතිය යටතේ රටේ සිරගෙවල් ජාතික මට්ටමින් පාලනය කිරීමට හමුදාවට සහ පොලිසියට ඉඩ සලසන බවයි.

“මෙම මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් අපව බිය ගැන්වීමට අදහස් කරන අතර ඔවුන් සිතන්නේ අපි ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් වනු ඇතැයි” යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කරනවා .

ෆිටෝ වරාය නගරයේ බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටව යාමට සමත් වූවාද නැතහොත් ඔහු ඇතුළත කොහේ හෝ සැඟවී සිටියාද යන්න තවමත් පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

නිලධාරීන් සිය ගණනක් බන්ධනාගාරය සෝදිසි කරමින් සිටින බවද සඳහන්

Share This