ඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

උතුරු නගරයේ ක්විටෝ හි පැවති උත්සවයකින් පිටව යද්දී මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ Fernando Villavicencio වන බවයි පැවසෙන්නේ

ඔහුගේ ප්‍රචාරක කණ්ඩායමේ සාමාජිකයෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ Villavicencio මෝටර් රථයට ගොඩවෙමින් සිටියදී එක් පුද්ගලයෙක් ඉදිරියට ගොස් ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි.

59 හැවිරිදි Villavicencioට තුන් වතාවක් වෙඩි තබා ඇති බවයි සාක්ෂිකරුවන් පවසා ඇත්තේ

ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි .

වත්මන් ජනාධිපති Guillermo Lasso මෙම ඝාතනයෙන් තමා කෝපයට හා කම්පනයට පත් වූ බව සඳහන් කර තිබෙනවා

ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රචණ්ඩකාරී අපරාධවල මෑත කාලීන වැඩිවීම මේ වසරේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ

වත්මන් ජනාධිපති Guillermo Lasso විසින් පසුගිය මාසයේදී සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඝාතන රැසකින් පසු පළාත් තුනක හදිසි නීතිය සහ රාත්‍රී කාලයට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඝාතනයට ලක්වූ Villavicencio ගේ මැතිවරණ ව්‍යාපාරය දූෂණය මැඩලීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා

එමෙන්ම පසුගිය සතියේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කල්ලි නායකයෙකු තමා ඇතුළු කණ්ඩායමට තර්ජනය කර ඇති බව Villavicencio පවසා සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This