ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencioව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හයදෙනා කොලොම්බියානු ජාතිකයන් බව එරට පොලිසිය සඳහන් කරනවා

එමෙන්ම පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටින හත්වැනි සැකකරු ද කොලොම්බියානු ජාතිකයෙක් බවයි පැවසෙන්නේ

ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකින් පිටව යමින් සිටියදී Fernando Villavicencioව ඝාතනයට ලක්වුණා

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.

අත්අඩංගුවට ගත් හය දෙනා Andres M, Jose N, Eddy G, Camilo R, Jules C සහ Jhon Rodriguez ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රයිෆලයක්, පිස්තෝල හතරක්, අත්බෝම්බ තුනක්, පතොරම් පෙට්ටි හතරක්, යතුරුපැදි දෙකක් සහ සොරකම් කළ බව කියන වාහනයක් ඔවුන් සතුව තිබී නිලධාරීන් විසින් සොයා ගත් බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති Guillermo Lasso කියා සිටියේ මෙම ඝාතනය මැතිවරණය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් බවත් ජාතික හදිසි තත්ත්වයක් තිබියදීත් අගෝස්තු 20 වන දින සැලසුම් කළ පරිදි ඡන්දය ප්‍රකාශ කරන බවත්ය.

Share This