ඉක්වදෝරයේ තුවක්කුකරුවන් සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වදියි (VIDEO)

ඉක්වදෝරයේ තුවක්කුකරුවන් සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වදියි (VIDEO)

තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වැදී කාර්යය මණ්ඩලයට තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුව ප්‍රහාරකයින් පසුව ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු සමග පිටව ගොස් ඇති බවයි පැවසෙන්නේ

පසුගිය සඳුදා දිනයේ දින 60ක හදිසි තත්ත්වයක් ඉක්වදෝරයේ ආරම්භ වූයේ Choneros කල්ලියේ ප්‍රධානියා ඔහුගේ සිර මැදිරියෙන් අතුරුදහන් වීමෙන් පසුවයි .

ඉක්වදෝරයේ සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වැදීම Choneros කල්ලියේ ප්‍රධානියා වන Adolfo Macías Villamar එම නගරයේම බන්ධනාගාරයකින් අතුරුදන් වීම හා සම්බන්ධද යන්න පැහැදිලි තවමත් පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටියේ Fito යන අන්වර්ථ නාමයෙනුයි

කෙසේවෙතත් ජනාධිපති ඩැනියෙල් නොබෝවා ඊයේ (09) කියා සිටියේ රට තුළ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක් පවතින බවයි

එහෙයින් ජාතික සංවිධානාත්මක අපරාධ, ත්‍රස්තවාදී සංවිධාන සහ සටන්කාමී රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් උදාසීන කිරීමට හමුදා මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් සන්නද්ධ හමුදා බලමුලු ගන්වන බවත් සඳහන් කර තිබෙනවා .

Share This