ඉඩම් අක්කර 3000ක් සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජකයින්ට

ඉඩම් අක්කර 3000ක් සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජකයින්ට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව පවතින නිරවුල් ඉඩම් අක්කර 3000ක් සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජකයින් වෙත ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ සංචාරක කළාපවල ඇති මෙම ඉඩම් වඩාත් විනිවිද ආකාරයෙන් ආයෝජන සඳහා ලබාදීමට පියවර ගන්නා බවයි .

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමේ රජයේ දැක්ම යටතේ සංචාරක ක්ෂේ්‍රත්‍රයට අදාළ ආයෝජන දිරිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් දෙස් විදෙස් ආයෝජකයින් වෙත ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති අතර, මාර්ගත ක්‍රමය යටතේ එම ඉඩම් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඉඩම් බැංකු කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබෙනවා.

landbank.sltda.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු විමසා බැලිය හැකි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

Share This