ඉඩාලියා නිසා 200,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වෙයි – ෆ්ලොරිඩාවට ගංවතුර

ඉඩාලියා නිසා 200,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වෙයි – ෆ්ලොරිඩාවට ගංවතුර

ඉඩාලියා නිවර්තන කුණාටුව කැරොලිනාස් වෙත සති අන්තය වෙන විට ළඟා වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ෆ්ලොරිඩාවට ළඟා වුණු ඉඩාලියා සුළි කුණාටුව ගංවතුර තත්ත්වයන් ඇති කර තිබෙනවා

ෆ්ලොරිඩා සහ ජෝර්ජියාවේ සිට දකුණ සහ උතුරු කැරොලිනා දක්වා ප්‍රදේශවල පවතින නිවාස සහ ව්‍යාපාර ගොඩනැගිලි 200,000කට වැඩි සංඛ්‍යාවකට තවමත් විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් අමතමින් සඳහන් කර ඇත්තේ අවශ්‍ය සියලු පහසුකම් සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි

Share This