ඉතාලියට රතු නිවේදන – දැඩි උණුසුම නිසා නගර 23ක ජනතාව අවදානමේ

ඉතාලියට රතු නිවේදන – දැඩි උණුසුම නිසා නගර 23ක ජනතාව අවදානමේ

යුරෝපයට බලපා ඇති උෂ්ණත්වය වැඩිවීමත් සමග ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකටම දැඩි උණුසුම පිළිබඳ රතු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙනවා

ඊසාන දෙසින් Trieste සිට නිරිත දෙසින් Messina දක්වා නගර 23ක් අවදානම් ලෙස නම් කරමින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

දැඩි උණුසුම නිසා අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට පමණක් නොව සෑම කෙනෙකුටම බලපෑමක් සිදු විය හැකි බව එම නිවේදනවල සඳහන් වනවා

මේ අතර ග්‍රීසිය සහ ස්විට්සර්ලන්ත ඇල්ප්ස් ඇතුළු මහාද්වීපය පුරා ලැව්ගිනි ද පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශවල පවතින උණුසුම තවදුරටත් පවතිනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර ඉතාලියේ සාඩීනියා සහ සිසිලි දූපත්වල නැවතත් සෙල්සියස් අංශක 46 ක් හෝ 47 ක් දක්වා උණුසුම් තත්ත්වයක් වාර්තා වී තිබෙනවා

ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව විජලනය, විඩාව, උෂ්ණ ආඝාතය සහ ව්‍යාකූලත්වය වැනි දැඩි උණුසුම ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව 20% කින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ

ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බෝල්කන් ප්‍රදේශ පුරාද රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

Share This