ඉතාලියේ දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් 5ක් මරුට

ඉතාලියේ දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් 5ක් මරුට

ඉතාලියේ දුම්රියක ගැටීමෙන් දුම්රිය සේවකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මොවුන් අධිවේගී දුම්රියේ ගැටෙන විට උතුරු ටියුරින් නගරය අසල ධාවන පථයක කොටසක් ප්‍රතිස්ථාපනය කරමින් සිටි බවයි පැවසෙන්නේ

Brandizzo හි නගරාධිපති Paolo Bodoni ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි දුම්රිය සේවය (RFI) සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා

කම්පනයට පත් වූ දුම්රිය රියදුරුට එම ස්ථානයේ ගිලන් රථයක් මගින් ප්‍රතිකාර ලබා දී ඇති අතර වෙනත් කිසිදු හානියක් ඔහුට සිදු නොවී ඇති බවද සඳහන්

දුම්රිය සේවකයන් දෙදෙනෙක් අනතුරින් දිවි ගලවාගෙන ඇති බවද සඳහන් වනවා

Share This