ඉතාලියේ මාෆියා කල්ලි නායකයෙක් මරුට

ඉතාලියේ මාෆියා කල්ලි නායකයෙක් මරුට

ඉතාලියේ මාෆියා කල්ලියක ප්‍රධානියා වූ Matteo Messina Denaro ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පසුගිය ජනවාරි මාසයේදී Matteo Messina Denaro වසර 30 කට පසු සිසිලියේදී අත්අඩංගුවට ගැනුණා

ඔහු අත්අඩංගුවට ගන්නා විට පිළිකාවකට ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය මාසයේ දී බන්ධනාගාරයේ සිට රෝහලකට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ

61 හැවිරිදි මොහු සිසිලියේ ප්‍රසිද්ධ කොසා නොස්ට්‍රා මාෆියා කල්ලියේ ප්‍රධානියා බවට චෝදනා එල්ලවී සිටි අයෙක් බවද ඉතාලි මාධ්‍ය පවසනවා

මිනීමැරුම් රැසකට එරෙහිව ඔහු නඩු විභාගයට ලක්ව සිටි අයෙක් වන අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This