ඉතියෝපියාවේ කොලරාව පැතිරීමෙන් 9ක් මරුට – 131කට ආසාදනය වෙයි

ඉතියෝපියාවේ කොලරාව පැතිරීමෙන් 9ක් මරුට – 131කට ආසාදනය වෙයි

ඉතියෝපියාවේ වයඹ දිග Benishangul-Gumuz කලාපයේ කොලරාව පැතිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා

කොලරාව පුද්ගලයින් 131කට පමණ ආසාදනය වී ඇති බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා

Benishangul-Gumuz සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ දිස්ත්‍රික්ක තුනකින් රෝගීන් වාර්තා වී ඇති බවයි

පසුගිය වසරේ ද ඉතියෝපියාවේ ප්‍රදේශ 11ක් පුරා කොලරාව පැතිර යාමෙන් පුද්ගලයන් 320 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කළා

Share This