ඉතිහාසය උඩු යටිකුරු කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි

ඉතිහාසය උඩු යටිකුරු කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබෙනවා.

නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව පැවති නඩු විභාගවලින් ආන්තුරුව හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටම වරදකරු වුණා.

ඒ අනුව, අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වනවා.

ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත්තේ ජුලි මාසයේදීයි.

මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයටද ට්‍රම්ප් ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට අභියෝග කරමින්.

ජූලි මාසයේ අධිකරණ තීන්දුව ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී තිබෙනවා.

තමන්ට එල්ල වූ සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, තම ප්‍රතිවාදීන්, දේශපාලනික වශයෙන් තමන්ව නිහඬ කිරීමට උත්සාහ ගන්නා බවයි.

Share This