ඉදිරියටත් ශ්‍රී ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහාය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවී තිබෙනවා.
ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයන් මෙහිදී එකඟ වී තිබෙන බව සඳහන්.
මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීන් ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්යක්ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.