ඉදිරි දින කිහිපය තුළ ක්‍රිකට් තහනම ඉවතට

ඉදිරි දින කිහිපය තුළ ක්‍රිකට් තහනම ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇති බවට තමා තරයේ විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා

වත්තල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පිරිස සමඟ සිදු කළ සාර්ථක සාකච්ඡාවෙන් පසු තමාට ඒ පිළිබඳව විශ්වාසය තබා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ

එමෙන්ම 2023 වසරේ දී දේශපාලන මැදිහත්වීම හේතුවෙන් මෙම තහනම පැනවූ අතර, ඒ හේතුවෙන් 19න් පහළ ලෝක කුසලානය හා ICC වාර්ෂික සමුළුවේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමි වුණා

Share This