ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොණ දිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට… වැසි සහිත කාලගුණයෙන් ජන ජීවිතයට බාධා

ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොණ දිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට… වැසි සහිත කාලගුණයෙන් ජන ජීවිතයට බාධා

පසුගිය දින කිහිපය පුරාම ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 14කට අයත් පවුල් 3036 ක පුද්ගලයින් 12,142ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 04ක් ද වාර්තා වනවා.

අද දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවුණා.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින වටා ඇති මුහුදු තීරයේ ගිඟුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 – 65ක් දක්වා වැඩිවීමත් සමඟ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රලු වියහැකි බවයි.

එමෙන්ම ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතය ගිනිකොණ දිග අරාබි මුහුද හරහා ඊසාන දෙසට ආසන්නව ගමන් කරනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

Share This