ඉන්දියානු වෙබ් අඩවි 2,000කට පමණ සයිබර් ප්‍රහාර

ඉන්දියානු වෙබ් අඩවි 2,000කට පමණ සයිබර් ප්‍රහාර

මේ වසරේ ජුනි-ජූලි මාසවල පමණක් ඉන්දියානු වෙබ් අඩවි 2,000ක් පමණ සයිබර් ප්‍රහාරවලට ලක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙය මෑතකාලීනව ඉන්දියාවට එල්ල වූ බරපතලම සයිබර් ප්‍රහාර මාලාව බවයි පැවසෙන්නේ.

මෙම ප්‍රහාරවලින් පසු අහමදාබාද්හි සයිබර් පොලිස් ඒකකයේ ප්‍රධානී අමිත් වාද්වා ඉන්දුනීසියානු සහ මැලේසියානු රජයන්ට මෙන්ම ජාත්‍යන්තර පොලිසියට ද මේ පිළිබද විශේෂ ලිපියක් යවා තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ වෙබ් අඩවි 2000කට සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ‘Dragonforce Malaysia’ සහ ‘Hacktivist Indonesia’ යන සයිබර් කණ්ඩායම් දෙකක් වගකිව යුතු බවයි.

මෙම කණ්ඩායම් දෙකම ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාර එල්ල කරන ලෙස ලෝකයේ අනෙකුත් හැකර් කණ්ඩායම්වලටද ආයාචනා කර තිබෙනවා.

මෙම රටවල් දෙකෙන් ඉන්දියාවට සයිබර් ප්‍රහාර එල්ල වූ පළමු විවෘත අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This