
ඉන්දියාවට නේපාලයෙන් ලකුණු 231ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ 05වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම ලකුණු 230ක් ලබා ගත්තා.
ඒ පන්දුවාර 48යි පන්දු 02කදී සියලු දෙනා දැවී යාමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර පළමුව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක් හිමි වනු ඇති.
ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.
අද තරගයේ ලකුණු සටහන පහතින්.

