ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් සහ පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Arshdeep Singh සහ Axar Patel කඩුලු 2 බැඟින් දවා ගත්තා.

මේ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Share This