ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුගේ අනාවරණයෙන් තවත් දෙදෙනෙක් කොටු

ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුගේ අනාවරණයෙන් තවත් දෙදෙනෙක් කොටු

නීති විරෝදී ලෙස ඉන්දියාවට පලාගොස් සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ, දැනට පොලිසිය විසින් රඳවාගෙන විමර්ශන සිදුකරන එක් සැකකරුවෙකුගේ අනාවරණයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහු විසින් ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි සම්බන්ධ තොරතුරක් ලබා දී ඇති අතර ඒ අනුව වයස අවුරුදු 30 ක් වන සූරියවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත බවයි පොලීසිය පැවසුවේ

අනතුරුව එම සැකකරු ප්‍රශ්න කිරීමට ලක්කිරීමෙන් අනාවරණය වූ තොරතුරු අනුව කැකණදුර බදුවත්ත ප්‍රදේශයේ පදිංචිව නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහිදී එම නිවසේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, එම අවියට යොදන පතරොම් 11ක් සහ එම පතරොම් ගැබ් 02ක් සොයාගැනීමට හැකිවූ බවයි පොලීසිය පැවසුවේ

මේ සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අවිය සහ සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා

Share This