
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් අනතුරකින් 7 ක් මරුට
ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ කේදර්නාත් දේවාලයේ සිට ගමන් ඇරඹූ හෙළිකොප්ටරයක් අනතුරට ලක්වුණා.
එරට ආර්යන් ගුවන් සේවයේ හෙලිකොප්ටරයක් අද අලුයම 5.20ට පමණ ගෞරිකුන්ද් හා සොත්ප්‍රයාග් අතර ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා හා වන්දනාකරුවන් 06 දෙනෙකු එහි ගමන් කරමින් සිට තිබුණා.
උත්තරකන්ද් සිවිල් ගුවන් සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියමුවා ඇතුළු හත්දෙනා අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මිය ගිය පිරිස අතර අවුරුදු 2ක දරුවෙකු ද වන බව ඉන්දීය වාර්තාවල සඳහන් වුණා.
කේදර්නාත් දේවාලයට පැමිණ ගුප්ත්කාෂි බලා ආපසු යමින් සිටියදී පැවති අයහපත් කාලගුණය හමුවේ හෙළිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.
නිම්න ප්‍රදේශයෙන් හෙළිකොප්ටරය ඉවත් කිරීමට නියමුවා උත්සහ කළ ද එය ව්‍යර්ථ වී හෙළිකොප්ටරය කඩා වැටී තිබෙනවා.