ඉන්දියාවේ උමගක් තුළ සිරවී සිටින 40 දෙනෙකු බේරාගැනීමට කාලයට එරෙහි සටනක

ඉන්දියාවේ උමගක් තුළ සිරවී සිටින 40 දෙනෙකු බේරාගැනීමට කාලයට එරෙහි සටනක

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කඩාවැටුණු උමගක් තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරාගැනීම සඳහා බලධාරීන් කාලයට එරෙහිව තරග වදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පැය 72කට වැඩි කාලයක් උමගක සිරවී සිටින ඉන්දීය කම්කරුවන් උමග ඉදිකරමින් සිටියදී පසුගිය ඉරිදා නායයාමක් හේතුවෙන් එහි සිරවී තිබෙනවා

කෙසේවෙතත් සේවකයින් සමග සම්බන්ධතා ඇති කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

ගලවා ගැනීමේ මෙහෙයුම් වේගවත් කිරීම සඳහා බලධාරීන් නැවුම් සහ වඩාත් නවීන විදුම් උපකරණ දිල්ලියේ සිට ගෙන එන බවයි සඳහන් වන්නේ

සේවකයින් උමග තුළ මීටර් 200ක් පමණ සිරවී ඇති අතර ඔවුන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවයි නිලධාරීහු පවසන්නේ

ගැලවුම්කරුවන් පසුගිය පැය 72 තුළ මිනිසුන්ට ආහාර, ජලය සහ ඔක්සිජන් ලබා දී තිබෙනවා

එහෙත් ඔවුන් අනතුරෙන් ගොඩ ගැනීමට තව කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් පැහැදිලි නැහැ .

Share This