ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ පිරිස 102ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ පිරිස 102ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ 102 දෙනෙකු බේරා ගැනීම සඳහා කාලය සමග දැඩි සටනක නිරතවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු 102 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි එරට බලධාරීන් තහවුරු කරන්නේ

ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා

සංචාරකයින් 3,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටින බවද සඳහන් වනවා

ප්‍රාන්තය පුරා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් සිය ගණනක් යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ,ප්‍රාන්තයේ මහ ඇමති ප්‍රේම් සිං සමග කතා කර හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික කර ඇති බවත් සඳහන්

ගංවතුර හේතුවෙන් මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව ඇති බවත් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවල ජංගම දුරකථන ජාලය ද අඩාල වී ඇති බවත් පැවසෙනවා

 

Share This