
ඉන්දියාවේ, නිකොබාර් දූපත් කලාපයේ රික්ටර් මාපක 6.5 ක භූමිකම්පාවක්
ඉන්දියාවේ, නිකොබාර් දූපත් කලාපය අද (29) අලුයම රික්ටර් මාපකයේ 6.5 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ හා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ සුනාමි අනතුරු ඇඟවීමක් ඇති නොවන බවයි.
මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ අද අළුයම 11:50 ට පමණයි.
භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ට අනුව, භූමිකම්පාවෙන් වෙරළබඩ ප්‍රදේශ හෝ දූපත් වලට ඇති වූ බලපෑම තවමත් තක්සේරු කර නැහැ.
2004 වසරේ මෙම කලාපයේ ඇති වූ රික්ටර් මාපක 9.1 ක භූකම්පනයෙන් රටවල් 15 ක 220,000 කට වැඩි පිරිසක් මියගියා.