ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දිගු වෙයි

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දිගු වෙයි

ඉන්දියාව විසින් ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉන්දියාව විසින් ලොකු ලූනු අපනයනය සඳහා තහනමක් පනවනු ලැබුවා.

මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් එම තහනම පැනවූ බව සඳහන්.

කෙසේවෙතත් අදාළ තහනම මෙම මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ලොකු ලූනු ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.

Share This