ඉන්දියාවේ විදුලි සැර වැදීමෙන් 15ක් මරුට

ඉන්දියාවේ විදුලි සැර වැදීමෙන් 15ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ Alaknanda ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Chamoli දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගිය අය අතර පොලිස් නිලධාරියෙකු සහ ග්‍රාමාරක්ෂකයින් පස් දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ

එමෙන්ම අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවද එරට පොලිසිය පවසනවා

ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබෙනවා

Share This