ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් ළමුන් 12 ක් ඇතුළු 27ක් මරුට

ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් ළමුන් 12 ක් ඇතුළු 27ක් මරුට

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මියගිය පිරිස් අතර ළමුන් 12දෙනෙකු පමණ සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එමෙන්ම ගින්නට හසුවූ සිරුරු හඳුනාගැනීමට නොහැකි පරිදි පිළිස්සී ඇති බව ද සඳහන්

සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ මෙම සිදුවීමට සිය ශෝකය පළ කරන අතර, විපතට පත් වූවන්ට ආධාර සැපයීමට කටයුතු කරන බවයි

Share This