ඉන්දියාවේ වෛද්‍ය වර්ජනය අවසන්

ඉන්දියාවේ වෛද්‍ය වර්ජනය අවසන්

ඉන්දියාවේ 31 හැවිරිදි වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එරට වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

එරට වේලාවෙන් අද උදෑසන හයට එම වැඩ වර්ජනය අවසන් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉන්දියාවේ කොල්කටාහි පැරණිතම රෝහලක හෘද රෝග පිළිබද පුහුණුව ලැබූ පශ්චාත් උපාධි වෛද්‍ය සිසුවියක⁣ රෝහලේ සම්මන්ත්රණ ශාලාවක් තුළදී අමානුෂික ලෙස දූෂණය කර මරා දමා සිටියදී සොයා ගෙන තිබුණේ පසුගිය 09 වනදා උදෑසනයි.

ඉන්දියාවේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සියයට 60ක් කාන්තාවන් වන අතර මෙම සිදුවීමත් සමඟ එරට පුරා දැඩි විරෝධතා ආරම්භ කෙරුණේ වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින්.

Share This