ඉන්දියාවේ සිට සහල් තොග මෙරටට

ඉන්දියාවේ සිට සහල් තොග මෙරටට

රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසු ඉන්දියාවේ සිට මෙරටට සහල් ආනයනය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් 1900ක් කොලඹ වරායට පැමිණ ඇති බව සඳහන්.

සහල් තොග රේගුවෙන් නිශ්කාශනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුවන අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ, මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ, නිවාරණ, හා සටහන්කර යන අංශ එකතුව විශේෂ වැඩපිළිවෙළක් තුළින් ඉතා ඉක්මනින් සහල් තොග වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සහල් තොගයට කැකුලු සහ තැම්බූ සහල් අඩංගු වී තිබෙනවා.

Share This