ඉන්දියාව සහ කසකස්තානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර විශේෂ හමුවක්

ඉන්දියාව සහ කසකස්තානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර විශේෂ හමුවක්

ඉන්දීය – කසකස්තාන ආරක්ෂක සංවාදයේ සිව්වන අදියර පැවැත්වුණා.

ඒ කසකස්තානයේ අස්තානා නගරයේදීයි.

ආරක්ෂක සහයෝගීතාව සහ සම්බන්ධීකරණය පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එහිදී එකඟව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංවාදයේ දී ඉන්දීය නියෝජිත පිරිසට නායකත්වය ලබා දුන්නේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිස්රි.

කසකස්තානය වෙනුවෙන් එරට ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් Nurzhan Kajiakbarov එම හමුවට සහභාගී වුණා.

එළඹෙන ඔක්තෝබර් මාසයේදී මෙම සාකච්ඡාවේ මීළග අදියර පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහභාගී වනු ඇති.

Share This