ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා

අමෙරිකානු ජනාධිපතිවරයා සිය X ගිණුමේ දක්වා ඇත්තේ දෙරට “පූර්ණ සහ ක්ෂණික සටන් විරාමයකට” එකඟ වී ඇති බවයි

එමෙන්ම පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී ඇති බව පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද පවසා තිබෙනවා

මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය “ගොඩබිම, ගුවනේ සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This