ඉන්දීය ආපදා ආධාර රැගත් යානා 08 ශ්‍රී ලංකාවට

ඉන්දීය ආපදා ආධාර රැගත් යානා 08 ශ්‍රී ලංකාවට

දිවයිනට බලපෑ ව්‍යසනකාරී ආපදා තත්ත්වය හමුවේ යළි ගොඩනැගීම සදහා ජාත්‍යන්තරය සිය සහයෝගය පල කිරිමට ඉදිරිපත් ව සිටිනවා.

ඒ අනුව, මෙරට ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිලිවෙල යටතේ මානුෂීය ආධාර රැගත් සී.-17 වර්ගයේ ඉන්දීය ගුවන් යානයක් මෙරටට ලගා වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් මෙම සහනාධාර නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දෙනු ලැබූ අතර මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යකඩ බේලී පාලම් ටොන් 50ක්, ජල පිරිපහදු යන්ත්‍ර 500ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඊට ඇතුළත්.

ඊට අමතරව ටොන් 53ක් බ‍රැති මංතීරු දෙකකින් සමන්විත යකඩ පාලමක්, ඩිංගි බෝට්ටු 5ක් සමඟින් තවත් ඉන්දීය ගුවන්යානයක් අද මෙරටට පැමිණියා.

එලෙස පැමිණි ගුවන්යානයේ ක්‍ෂණික පාලම් යෙදවීම පිළිබඳ පුහුණුව ලත් 20 දෙනෙකුගෙන් සමන්විත ඉංජිනේරු කණ්ඩායමක් සහ වෛද්‍යවරුන් පස්දෙනෙකු ද වනවා.

ඒ අනුව අද වන විට මෙරටට ඉන්දීය ආපදා ආධාර රැගත් යානා 08 පැමිණ තිබෙනවා.

Share This