ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙක්ට දුන් තහනම

ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙක්ට දුන් තහනම

ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පංජාබ් රෝයල් සහ කෑන්ඩි වොරියර්ස් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සඳහා ඔවුන් මෙලෙස බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

ඉන්දීය කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායකයෙකු වන පැචලෝඩියා ආකාශ් යන පුද්ගලයින් දෙදෙනාට මෙම තහනම පනවා ඇති අතර එය මාසයක් බල පැවැත්වෙනවා.

“ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024” තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 වනදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

Share This