ඉන්දීය නාවික හමුදාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් පාකිස්ථාන ජාතිකයින් 19ක් බේරා ගනියි

ඉන්දීය නාවික හමුදාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් පාකිස්ථාන ජාතිකයින් 19ක් බේරා ගනියි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ධීවර යාත්‍රාවක් සෝමාලියාවේ මුහුදු තීරයේදී අල්ලා ගැනීමෙන් පසු ඉන්දීය නාවික හමුදාව විසින් පාකිස්ථාන ජාතිකයන් 19 දෙනෙකු බේරාගෙන තිබෙනවා

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 11 දෙනෙකු ඉරාන ධජය සහිත Al Naeemi ධීවර යාත්‍රාවට ගොඩවී එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ප්‍රාණ ඇපයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ

ඉන්දියාවේ සුමිත්‍රා නාවික හමුදාවේ මුර නෞකාව විසින් පැහැරගත් ධීවර යාත්‍රාව අල්ලා ගැනීමෙන් පසු ප්‍රතිචාර දැක්වූ නාවික හමුදා නිලධාරීන් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ආරක්ෂිතව මුදා හැරීමට බල කළ බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙනවා .

පාකිස්ථානුවන් මුදාගැනීම සුමිත්‍රා නෞකාව පැය 36ක් තුළ සිදු කළ දෙවන මුහුදු කොල්ලකෑම් මර්දන මෙහෙයුම බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒඩන් බොක්කේ තවත් ඉරාන ධජය සහිත ධීවර යාත්‍රාවකින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි 17 දෙනෙකු පැය කිහිපයකට පෙර ඔවුන් බේරාගෙන ඇති බවද සඳහන්

Share This